2020 දී ඔබගේ ව්‍යාපාරය දියුණු කරන්න Digital Marketing යොදාගනිමු

Digital Marketing එහෙමත් නැතිනම් ඩිජිටල් අලෙවිකරණය මේ වන විටත් මුලු මහත් ලංකාවම ආක්‍රමණය කරගෙන ඉවරයි. ඇත්තටම හැමෝම කතා කරන Digital Marketing කියන්නේ මොකක්ද කියලා ඔයාට ගැටලුවකුත් සමහර විට පැන නැගිලා ඇති. යමි ඩිජිටල් මාධ්‍යක් යොදගෙන යම් අලෙවිකරණයක් සිදු කරනවා නම් ඒක Digital Marketing කියලා මූලිකවම හදුන්වන්න පුලුවන්. මේ ලිපිය කියවන ඔයාත් මේ වන විට නොදැනුවත්වම කාගෙ හෝ Digital Marketing ගොදුරක් වෙලා ඉවරයි වෙන්න පුලුවන්.

දැන් අපි බලමු කොහොමද මේ Digital Marketing කරන්නේ කියලා.

කලින් සඳහන් කලා වගේම ඕනෑම Digital මාධ්‍යක් යොදාගෙන මේ වැඩේ කරන්න පුලුවන්. පරිඝනක, ලැප්ටොප් , ජංගම දුරකතන, ස්මාර්ට් ඩිවයිසස් , එකී මෙකී ගොඩක් උපකරණ යොදාගෙන ඔයාට ඔයාගේ අලෙවිකරණය කරන්න පුලුවන්.

උදාහරණයක් වශයෙන් ඔයා හිතන්න ඔයාට තියනවා කුරුඳු විකුණනන Business එකක්. ඔයාට සාමන්‍ය Daily Business Income එකක් තියනවා. දැන් ඔයාට ඔනේ මේක තව වැඩි දියුණු කරලා ගන්න. මොනාද ඔයා මේ Business එක Develop කරන්න පාවිච්චි කරන්නේ ???

1 – ඔයාට පුලුවන් තව කඩවල් ටිකක් හොයාගන්න ඔයාගේ කුරුඳු ටික දාලා විකුණගන්න.
2 – ඔයාට පුලුවන් වට්ටම් , මිල අඩු කිරීම් වලින් සේල් එක ටිකක් වැඩි කරගන්න.
3 – නගරබද ප්‍රදේශයක පොඩි කඩයක් ආරම්භ කරන්න පුලුවන්

සාමන්‍ය මනුස්සයෙක් හිතන විදිහට හිතුවොත් කරන්න පුලුවන් දේවල් බොහොම පොඩ්ඩයි නේද තියෙන්නේ ? ඉතින් Think Out of the BOX .

අපි මේකට අපි දැන් කතා කරපු Digital Marketing ටිකක් Apply කරලා බලමුද?

1 – පළවෙනියටම ඔයාට කරන්න පුලුවන් දේ තමා ඔයාගේ අතේ තියන Phone එකෙන් එහෙමත් නැතිනම් ගෙදර පාවිච්චි කරන පරණ Computer එකෙන් ඔයාටම කියලා පොඩි Facebook Page එකක් හදාගන්න එක , මේක කරන්න ඔයාට කිසිම වියදමක් යන්නේ නෑ. ඔයාටම මේ දේ තනියම කරගන්න පුලුවන්. ඔයාගේ Business එක ගැන විස්තර දාලා , පොටෝ දාලා ඔයාට වැඩේ කරගෙන යන්න තියෙන්නේ. ඉක්මණ් ප්‍රතිපල ගන්න ඕනේ නම් ඔයාට පුලුවන් Facebook එකේ Target Audience එකකට ඔයාගේ Post එකක් Boost කරන්න. අනිවාර්යයෙන්ම ප්‍රතිපල තියනව 100% සහතික වෙන්න පුලුවන් ඒ ගැන,
2 – ඔයාට පුලුවන් ඔයාගේ Products Display කරලා වෙබ් අඩවියක් හදාගන්න. මේ හරහා ඔයාට පුලුවන් පිටරට එක්කත් ගනුදෙනු කරන්න. Site එකක් හදලා අල ගෙඩිය වගේ නිකන් තිබ්බට නම් වැඩක් ගන්න අමාරුයි. මේකට ඔයාට ඔයාගේ Site එක Search Engine Optimize එහෙමත් නැතිනම් SEO කරගන්න වෙනවා.
3 – ඔයා අහලා තියනවා නේද Ikman.lk කියන වෙබ් අඩවිය ගැන , මේ වෙබ් අඩවියේ ඔයාට පුලුවන් පොඩි කඩයක් ආරම්භ කරන්න . මේකත් එතකොට Product Display එකක් වගේම වැඩ කරගන්න පුලුවන් , හැබැයි මේකට නම් ගානක් ගෙවන්න ඕනේ, මේ වගේම Virtual Stores දෙන වෙබ් අඩවි ලංකාවෙ දැන් ඕනේතරම් තියනවා, පොඩ්ඩක් හොයලා බලන්න ඒ ගැන.
4 – ඔයාට පුලුවන් පොඩියට Youtube චැනල් එකක් පටන් ගන්න ඔයාගේ Products ගැන මුලු ලෝකෙටම කියන්න. මේ හරහා ඔයාට ලොකු VOICE එකක් create කරන්න පුලුවන් වෙයි.

Normal හැටේ දශකයේ Marketing වලට වඩා ඔයාට හිතාගන්නත් බැරි ලොකු Audience එකකට ඔයාගේ Product එක එහෙමත් නැතිනම් ඔයාගේ Service එක තත්පර ගානකින් ලගාකරන්න ඔයාට පුලුවන් වෙයි මේ Digital Marketing කියන පුංචි සංකල්පය හරහා . ඉතින් අපි හිතනවා ඔයාට මේ Digital Marketing වල තියන Power එක ගැන පොඩි හරි අවබෝධයක් එන්නැති කියලා.

Digital Marketing ගැන ඔයා දන්න දේවලුත් ගොඩක් ඇති. සමහර විට ඔයා මේ දේවල් කරන කෙනෙකුත් වෙන්න ඇති. ඔයා දැනටමත් මේ Strategies Follow කරනවා නම් පහල ‘YES’ කියලා comment කරන්න. ඔයා මේ දේවල් ගැන මුකුත්ම දන්නේ නැතිනම් ‘NO’ කියලා comment කරන්න. අපි ඔයාට උදව් කරන්නම්. මේ පිලිබදව තියන සියලුම දේවල් කතා කරමු පහල තියන Comment Section එකෙන්.