Domain Name එහෙමත් නැතිනම් ඩෝමේන් නාමය කියන්නේ මොකක්ද කියලා ඇහුවොත් ව්‍යාපාර කරන ඔයාට ඒ ගැන ලොකු Idea එකක් නැතිවෙන්න පුලුවන්. මේ පිලිබඳව Technical Side එකෙන් කතා කරන්න ගියොත් නම් ටිකක් ලොකු වෙලාවක් යනවා. ඒ නිසා අපි මේක ගැන සරලව ඉගෙනගමු මේ ලිපිය තුලින්.

නිතරම ඉන්ටර්නෙට් පාවිච්චි කරන ඔයා ගොඩක් වෙලව Internet Surfing, Browsing වලට යොදාගන්නේ Chrome, Safari, Firefox වගේ Web Browser එකක් . මේ Web Browser එකක ඔයා යම් වෙබ් අඩවියක නමක් සඳහන් කරලා තමයි ඒ වෙබ් අඩවියට ඇතුලුවෙන්නේ. උදාහරණයක් විදිහට ඔයාට Facebook යන්න ඔනේ නම් ඔයා Web Browser එකක ගහනවා Facebook කියලා . එතකොට එන පළවෙනිම වෙබ් අඩවි ප්‍රතිපලය Click කරලා ඔයා Facebook යනවා. කවදාවත් මේ click කරන වෙබ් අඩවියේ වැටෙන්නේ මොකක්ද කියලා ඔයා හරියට බලලා තියනවද ? නෑනේ නේද? මේ ඔයාගේ click එකෙන් open වෙන්නේ Facebook.com කියන ඩොමේන් නාමයට අදාල වෙබ් අඩවිය.

මේ ගැන තවත් පැහැදිලි කිරීමක් කරොත් මේ ලෝකයේ තියන හැම වෙබ් අඩවියකටම ඉලක්කමක් තියනවා .සමහර විට ඉලක්කම් Range එකකින් එකම වෙබ් අඩවියකට යන්නත් පුලුවන්, ඒ ඉලක්කම් හරියට මේ වගේ.
123.231.65.79
202.129.234.66

ඔයා හිතන්නකෝ මේ වෙබ් අඩවි මතක තියාගන්න නම් ඔයාට මේ ඉලක්කම් කටපාඩම් කරන්න වෙනවා, ….. ම්ම්ම්ම් චක්කරේ කට පාඩම් නැති අපිට ඕවා කොහෙන් මතක හිටීවිද නේද ? ඉතින් අන්න ඒ Case එක නිසා තමයි ඩොමේන් නාමය කියන එක එලියට එන්නේ . අපිට ඉලක්කම් ගොඩක් මතක තියාගන්නවට වඩා ලේසියෙන්ම මේ නමක් මතක තියාගන්න පුලුවන් නේද? ඉතින් අපිට ලේසියෙන්ම කියන්න පුලුවන් ඩොමේන් නාමය කියන්නේ අපිට වෙබ් අඩවියක් හදුනාගන්න තියන ලේසිම අංකනයක්.

කලින් දීල තියන අංක දෙක නිකන් Web Browser එකක copy-paste කරලා බලන්න .
123.231.65.79 මේ අංකය dialog.lk ඩොමේන් නාමය ඔස්සේ ඔයාව Dialog Axiata වෙබ් අඩවියට ඔයාව ‍රැගෙන යාවි.
202.129.234.66 මේ අංකය mobitel.lk ඩොමේන් නාමය ඔස්සේ ඔයාව Mobitel වෙබ් අඩවියට ඔයාව ‍රැගෙන යාවි.

ඉතින් අපි හිතනවා ඔයාට ඩොමේන් නාමයේ වැදගත්කම සහ ඩොමේන් නාමයෙන් වෙන දේ ගැන දළ අවබොධයක් ලැබෙන්න ඇති කියලා.

ව්‍යාපාර කරන ඔයා මේ Domain Name එකක් Purchase කිරීමට පෙර හිතන්න ඔනේ දේවල් කිහිපයක් තියනවා, අපි බලමු ඒ මොනවද කියලා.

1. දිග නම් ‍තෝරාගන්න ඒපා.
නාමය දිග වෙනවා කියන්නේ නම මතක තියාගන්නත් අමාරුයි කියන එක , Domain නාමය දිග වීම නිසාම ඔයාගේ වෙබ් අඩවියට එන පිරිස අඩු වෙන්න පුලුවන්. වෙබ් අඩවියට එන අය අඩුවෙනවා කියන්නේ ඒක තමන්ගේ ව්‍යාපාරයට අවාසියක් කියලා අමුතුවෙන් කියන්න ඔනේ නෑනේ නේද ? ඒ නිසා මතක තියාගන්න ලේසි නමක් භාවිතා කරන්න බලන්න.

2. සංකේත සහ ඉලක්කම් ඩොමේන් නාමය තුල යොදා ගන්න එපා
best-cars4u.com ඒ කිව්වේ මෙන්න මේ වගේ Domain Names ගන්න එපා කියන එක , මේවා මතක තියාගන්න අමාරුයි කියලා දැක්ක ගමන් පේනවානේ.

3 – එකම ශබ්දය තියන අකුරු ගැන සැලකිලිමත් වෙන්න.
ඒ කියන්නේ මෙන්න මේ වගෙ දෙයක් , හිතන්නකෝ සම්පත් බැන්කුවේ තියන සම්පත් විශ්වා කියන Business එක ගැන . අපි සිංහල වුනාට ඩොමේන් නාමය ගන්න වෙන්නේ English Letters වලින්නේ . මේ වගේ අවස්ථාවක විශ්වා කියන එක ආකාර කිහිපයකින් එන්න පුලුවන්.
vishwa.com
vishva.com
Wishva.com
Wishwa.com
Wishwaa.com

මේ වගේ තව ඕනේ තරම් විදි වලට මේක කියවන්න පුලුවන්නේ, ඉතින් මේ වගේ ඩෝමේන් නාමයකට ගියොත් ඔයාට සිද්ධ වෙනවා මේ සියලුම නාමයන් වෙන වෙනම අරගන්න .ඔයාට මේ සියලුම නාම අරගන්නේ නැතුව ඉන්නත් පුලුවන් . ඒත් අපේ තරහකාරයෙක් හෝ තරඟකාරයෙක් ඒ ඩොමේන් නාමය අරගත්තොත් එහෙම අපිට ඉස්සරහට කරදර ඇති වෙන්න පුලුවම්න් .අනිත් එක ඒක ටිකක් ගනන් යන වැඩක් . එහෙම නැති නම් ඔයාට පුලුවන් වෙන නමක් මුලදිම හිතලා ‍තෝරගන්න .

4 – අකූරු ඩබල් වෙන තැන් ගැන සැලකිලිමත් වෙන්න
හිතන්න ඔයා ගන්න යන ඩොමේන් නාමයේ ඩබල් වෙන අකුරු තියනවා කියලා .
beep, bell, boom, boot, book, bull, call, cell, coon, dell, doll, door, doom, fall මේ වගේ ඩබල් වෙන අකුරු තියන Domain Name එකක් හැකි සෑම විටම අත හරින්න උත්සාහ කරන්න .

5 – බරපතල වචන තියන ඩොමේන් මග හරින්න
entrepreneur.com , proprietor.com මෙන්න මේ වගේ වචන තියන ඩොමේන් නාම මග හරින්න , මොකද මේ නම් ගහලා Search කරන කෙනා English Expert කෙනෙක් නොවෙන්න පුලුවන් නිසා.

ඉතින් හොද Domain Name එකක් ‍තෝරගන්නේ කොහොමද කියන එකට ඔයාට හොද පිළිතුරක් ලැබෙන්න ඇති කියලා අපි හිතනවා. ඔයාත් ඔයාගේම ක්‍රම පාවිච්චි කරනවා ඇති Domain Name එකක් purchase කරන්න කලින් , ඔයා එහෙම කරනවා නම් ‘Yes, I do’ කියලා comment කරන්න, ඔයා දන්න අනෙකුත් ක්‍රම සහ ඔයාට තියන ගැටලු අපි කතා කරමු පහළ තියන Comment Section එකෙන්.